සෙරමික් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ලිහිල් කලද එයින් එම භාණ්ඩ හිඟයට එතරම් විසඳුමක් නොලැබෙන බව ආනයනකරුවෝ හා අලෙවිකරුවෝ ප්‍රකාශ කරති. එම ද්‍රව්‍ය මාස හයක ණයවර ලිපි මත ආනයනය සඳහා රජය අවසර ලබාදී තිබේ. එහෙත් විදේශීය සමාගම් එවැනි දීර්ගකාලීන ණයවර ලිපි මත භාණ්ඩ ලබාදීමට මැලි කමක් දක්වති. එසේම ශ්‍රීලංකාවේ ඩොලරයේ අගය ඉහල යන ආකාරය සම්බන්ධයෙන් කිසිදු පූර්ව නිගමනයකයකට එළඹීම දැඩි ලෙස අසීරු වී තිබේ. ඒ අනුව දැන් භාණ්ඩ ආනයනය කර හය මාසයකට පසු ඩොලරයේ මිලට ගෙවීම් කල යුතුව තිබේ. එනම් දැන් ඩොලරයේ අගයට භාණ්ඩ විකුණුවද මාස හයකට පසු ඩොලරයේ පවතින මිලට ගෙවීම් කළයුතුව තිබේ. එම නිසා එම අවදානම ගෙන ව්‍යාපාර සිදු කිරීම දැඩි ලෙස අපහසු වී තිබේ.
මෙම භාණ්ඩ ආනයනය තහනම් කිරීම නිසා මීට පෙර රුපියල් තුන්දහසකට අලෙවි කල මිල අඩුම නානකාමර කට්ටලයක් දැන් රුපියල් 12,000 කි. අනෙකුත් භාණ්ඩ මිලද තුන් හතර ගුණයකින් ඉහල දමා තිබේ. ආණ්ඩුවට මෙම භාණ්ඩ ආනයනය නොකරන ලෙස බලපෑම් කරන්නේ මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ය. ඔවුන් එලියට නොපැමිණෙන අතර ඒ වෙනුවෙන් කුඩා දේශීය ව්‍යාපාරිකයන් කීපදෙනෙකු මාධ්‍ය ඉදිරියේ හඬ නගයි. එහෙත් මේ කුඩා ව්‍යාපාරිකයන්ට රටේ අවශ්‍යතාවයෙන් ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් සැපයීමේ හැකියාව ඇති අතර ඒවායේ තත්වය සම්බන්ධයෙන්ද යම්යම් ගැටළු පවතී.
අදාළ භාණ්ඩ සාමාන්‍ය මිල මෙන් කීපගුනයක් වැඩි මිලට අලෙවි කරන මේ ක්ෂේත්රයේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ එම මුදල් වලින් චොකලට් හා බිස්කට් ව්‍යාපාරද ආරම්භ කරන්නට මේ වන විට කටයුතු කරමින් සිටිති.