27 C
Colombo
25/11/2024

චීන සීනෝෆාර්ම් එන්නත එපා – එන්නත් හා බෝවන රෝග සංසදය රජයට දන්වයි

Share with your friends :

බීජිං ජෛව විද්‍යාත්මක නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද සීනෝෆාර්ම් එන්නත SARS-CoV2 එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන සභාපති විසින් ඉහත එන්නත ආනයනය කිරීම අනුමත කර ඇතත් ඒ සම්බන්ධ නිසි තොරතුරු ලැබෙන තුරු භාවිත නොකරන ලෙස ශ්‍රී ලංකාවේ එන්නත් හා බෝවන රෝග සංසදය රජයෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අපේක්ෂක එන්නත් ලබා ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කරන ලද ස්වාධීන විශේෂඥ මණ්ඩලයේ විශේෂඥයන් අට දෙනාද අදාළ නිෂ්පාදකයා විසින් සපයන ලද තොරතුරු අධ්‍යයනය කර ඇති අතර මෙම එන්නතෙහි ප්‍රතිශක්තීකරණ, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද දත්ත ප්‍රමාණවත් නොවන බව ඔවුන් ඒකමතිකව තීරණය කළ අතර එම නිසා වැඩි විස්තර ලබාගෙන ඇගයීමට ලක් කරන තුරු එන්නත භාවිතා නොකිරීමට නිර්දේශ කර ඇතැයි එම සංසදය කියා සිටී.
එම නිසා අදාළ නිර්දේශය දැඩි ලෙස අනුගමනය කරන ලෙස එන්නත් හා බෝවන රෝග සංසදය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

Share with your friends :