නයිජර් රාජ්‍යයේ ගම්මාන කීපයකට මෝටර් සයිකල් වලින් කඩාවැදුණු ආයුධ සන්නද්ධ පිරිස් ගම්වැසියන් 137 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
මාලි රාජ්‍යයේ දේශ සීමාව අසල පිහිටි ගම්මාන කීපයකට මෙසේ ප්‍රහාර එල්ලවී තිබේ.
නයිජර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස මොහමඩ් බාසෝම් පත් වුයේ දැනට දින කීපයකට පෙරදීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත හා සංඛ්‍යාලේඛන අනුව ලොව දුප්පත්ම රට නයිජර් දේශයයි.එරට නිරන්තරයෙන් ඇතිවන ගැටුම් හේතුවෙන් දහස් ගණනක් මිය ගොස් තවත් ලක්ෂ ගනනක් අවතැන්වී සිටිති.