ජල සම්පාදන මණ්ඩලයේ සේවකයනට වසර තුනකට වරක් ලබාදෙන වැටුප් වර්ධකය ලබා නොදීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි. සාමාන්‍යයෙන් ජල සම්පාදන මණ්ඩලයේ රියදුරෙකුගේ වැටුප් , දීමනා හා අතිකාල ආදියෙහි එකතුව මසකට රුපියල් ලක්ෂ එකහමාරත් දෙකත් අතර වේ. ලිපිකරුවකුගේ වැටුප් හා දීමනා එකතුව ලක්ෂ දෙකක් පමණ වන අතර ඉංජිනේරුවෙකුගේ මේ සියල්ලේ මාසික එකතුව රුපියල් ලක්ෂ තුනහමාරත් රුපියල් ලක්ෂ පහත් අතර වන බව සඳහන්ය.
නව වැටුප් වැඩිවීම ඉකුත් ජනවාරි මාසයේ සිට ලැබිය යුතු වුවද එය ලබාදීමට පරිපාලනය කටයුතු නොකරන බව ද ජලසම්පාදන වෘත්තිය සමිති ඒකබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පවසයි.
පසුගිය වාරයේ ලැබිය යුතුව තිබෙන සියයට දෙකක හිඟ වැටුප් වැඩිවීමක් ලබාගැනීම වැටුප් වැඩිවන තෙක් වත්මන් වැටුපෙන් සියයට 5ක අත්තිකාරමක් ලබා ගැනීම වැටුප් විෂමතා ගැටළුව විසඳා ගැනීම සේවා ව්‍යාවස්ථාවේ අසාධාරණය ඉවත් කිරීම ඇතුළු ඉල්ලුම් කිහිපයක් මුල්කර ගනිමින් එම වෘත්තිය ක්‍රියාමර්ගය ගන්නා බව ද උපාලි රත්නායක මහතා පවසයි.
ජල සම්පාදන මණ්ඩලයේ වැටුප් මේ ආකාරයට වැඩි කළහොත් තවත් කීපගුනයකින් සාමාන්‍ය ජනතාවගේ ජල බිල්පත් වැඩි කරන්නට සිදු වන බව පැවසේ.
ජල පවාහන මණ්ඩලය , ලංකා විදුලි බල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව යන ආයතනවල සේවක වැටුප සෙසු රාජ්‍ය සේවක වැටුප් මෙන් කීපගුනයක් වැඩිය. මේ ඉහල වැටුප් හා දීමනා හේතුවෙන් මෙම ආයතන පාඩු ලබන තත්වයට පත්ව තිබේ.