වසර හැටකට පසු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති දරුණුතම ගංවතුර හේතුවෙන් මේ වන විට දහඅටදහසකට අධික පිරිසකට නිවාස අහිමිවී තිබේ.
මේ නිසා සිඩ්නි නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව දැඩි අසීරුතවනට පත්ව සිටිති.
මේ හේතුවෙන් පාසල් ද වසා දමා ඇත.
මෙවැනි දරුණු ගංවතුරක් මීට පෙර එරට ඇතිවුයේ 1961 දීය.
මෙවර ගංවතුර හේතුවෙන් ගොවිපල වල සතුන් මෙන්ම වාහන ආදියද ගංවතුරට හසුවී ගසා ගෙන ගොස් තිබේ.
ලක්ෂ සියයක ජනතාවකට අවදානම් උපදේශන නිකුත් කර ඇති අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවක නිවෙස් වලින් ඉවත්ව යාමට සුදානම්ව සිටින ලෙස දන්වා තිබේ.