27 C
Colombo
23/09/2024

පස්සර වැනි අනතුරක් සිදුවන මීළඟ ස්ථානය මහනුවර මාවිල්මඩද ? ජනාධිපතිතුමනි පාර සාදා දෙන්න

Share with your friends :

පස්සර දී 14 දෙනෙකුට මරු කැඳවමින් ඇතිවූ මාරක අනතුර සිදුවූ ආකාරයේම මාරක බස් අනතුරක් මීළඟට සිදුවන ස්ථානය මහනුවර , මාවිල්මඩ ,ප්‍රධාන බස් මාර්ගයේ දුටුගැමුණු මාවතේ මහවැලි ගඟ අයිනේ විශාල වල බවට මහනුවර ජනතාව පවසති. මෙම වලට මීට පෙර වාහන වැටී ජීවිත හානිද සිදුව තිබේ. මෙම වලට වැටුණු විට එය මහවැලි ගඟේ අඩි 40 ක් ගැඹුර ස්ථානයකට ඇද වැටෙන අතර මේ නිසා බස් රථයක් ඒ තුලට ඇද වැටුනහොත් සිදුවන ජීවිත හානි ප්‍රමාණය සිතා ගැනීමට පවා අපහසුය.
මහනුවර , මාවිල්මඩ ,ප්‍රධාන බස් මාර්ගයේ දුටුගැමුණු මාවතේ කොටසක් ගිලා බැස මෙම දැවැන්ත වලක් සහිත මර උගුලක් නිර්මාණය වී ඇත්තේ මීට පෙර මෙම ස්ථානයේ සී ප්ලේන් ගොඩබෑමෙන් ඇතිවූ කම්පනය හා දෙදරීම නිසාය. මෙම වලට වැටුණු පසු එය කෙලින්ම මහවැලි ගඟට සම්බන්ධ අතර ප්‍රධාන මාර්ගයේ සියට අඩි 40 ක් පමණ ප්‍රපාතයක් ලෙස අදාළ වල සෑදී තිබේ. මෙම වලට කිසිවකු හෝ ඊට වැටුනද සොයා ගැනීමට නොහැකි තරම් එය ගැඹුරුය. රාත්‍රියට මෙම වල නොපෙනෙන අතර ඒ හේතුවෙන් රාත්‍රියට මාර්ගයේ ගමන් ගන්නා වාහනයක් ඊට වැටුනද සොයා ගත නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති. මේ නිසා පස්සර සිදුවූ අනතුර වැනි අනතුරක් සිදුවීමට පෙර වහාම මේ මාර්ගය පිළිසකර කරන්නට කටයුතු කරන ලෙස ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයාගෙන් හා මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගෙන් ඉල්ලා සිටිති.

Share with your friends :