මෙවර ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල හා පැරා ඔලිම්පික් උළෙල සඳහා ජාත්‍යන්තර නරඹන්නන් සහභාගී නොකරන්නට එහි සංවිධායකවරු තීරණය කර තිබේ. ඒ කොරෝනා වසංගතය හුතුවෙන් මතුව ඇති තත්වයන් නිසාය.
මෙවර ඔලිම්පික් උළෙල ආරම්භ වන්නේ ජුලි 23 වැනිදාය. ගිය වසරේ පවත්වන්නට නියමිතව තිබු ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ වසර දක්වා කල් දමන්නට සිදු වුයේ කොරෝනා වසංගතය හේතුවෙනි.
පැරා ඔලිම්පික් උළෙල ආරම්භ වන්නේ අගෝස්තු 23 වැනිදාය.
මේ අතර කොවිඩ් පැතිරයාම පාලනය සඳහා ගත යුතු ක්‍රියා මාර්ග වෙනුවෙන් මෙවර ඔලිම්පික් උළෙල සඳහා ඩොලර් මිලියන 2800 ක් අමතර වශයෙන් වැයවන බව සඳහන්ය.