ආනයනය කරනු ලබන කරවල,හාල්මැස්සන් සහ උම්බලකඩ සදහා බදු වැඩි කර තිබේ.
ඒ අනුව ආනයනය කරනු ලබන කරවල කිළෝ එකකට රුපියලක් ද හාල්මැස්සන් කිළෝ එකකට රුපියල් 127 ක්ද උම්බලකඩ කිළෝ එකකට රුපියල් 302 වශයෙන් බදු පනවා තිබේ.දේශීය් කරවල ,හාල්මැස්සන් සහ උම්බලකඩ වෙළදුන්ට සහනයක් සැළසීම සදහා මෙම පියවර ගෙන ඇතැයි රජය පැවසුවද එම ද්‍රව්‍යවල මෙරට නිෂ්පාදනය කිසිසේත් ප්‍රමාණවත් නැති බව පිටකොටුව තොග වෙළෙන්මෙදෝ පවසති.එම බදු වැඩි කිරීම හේතුවෙන් එම ද්‍රව්‍ය වල මෙරට වෙළඳපොල මිල අනිවාර්යයෙන්ම වැඩි වන බව එම වෙළෙන්දෝ පවසති. එසේම එම ද්‍රව්‍ය සඳහා මිල පාලනයක් ඇති නොකර ආනයන සඳහා බදු පැනවීම මත භාණ්ඩ මිල වැඩිවීම වැළක්විය නොහැක.