ට්රේඩ්මිල් නිෂ්පාදකයන් පවසන්නේ ඒවා නිර්මාණය කර ඇත්තේ කිලෝ 48 ට වැඩි සහ වයස අවුරුදු 16 ට වැඩි අයට පමණක් බවත් යන්ත්ර ක්රියාත්මක කරන අවස්ථාවල කුඩා දරුවන්ට හෝ සුරතල් සතුන්ට එම ස්ථානයට පැමිණෙන්නට ඉඩ නොදිය යුතු බවත්ය.
ඇමරිකාවේ ට්රෙඩ්මිල් යන්ත්ර හේතුවෙන් මේ වන විට අනතුරු 22,500 ක් සිදුව ඇති අතර ඒ අතරින් අනතුරු 2000 ක පමණ ප්රමාණයක් වයස අවුරුදු 8 ට අඩු දරුවන්ට සිදුව තිබේ.
ට්රෙඩ්මිල් භාවිත කිරීමේදී මරණ 17 ක් සිදුව ඇති අතර එසේ මරණයට පත්වූවන් අතර පස් හැවිරිදි දරුවෙක්ද වෙයි.