මෙරට වෙළෙඳපොලේ ටයර්වල පවතින හිඟයක් පවතින හිඟය හේතුවෙන් වාහන හිමියෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. මේ හේතුවෙන් ටයර් මිල ශීග්රයෙන් ඉහල ගොස් තිබේ.
ටයර් මිල සියයට 25 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඇතැම් ටයර් වර්ගයන් මිලදී ගැනීමට නොමැති බවත් සඳහන්වේ.
වෙළෙඳපොළේ ඇතැම් ටයර් වර්ග ඉහළ මිලට හෝ මිලදී ගැනීමට නොමැති වීමෙන් මෝටර් රථ හිමියෝ වඩාත් අපහසුතාවට පත්ව සිටිති.
මේ අතර මහා පරිමාණ ටයර් අළෙවිකරුවන් පවසන්නේ රජය ටයර් ආනයනය අත්හිටුවීම සහ ශ්රී ලංකාවේ ටයර් නිෂ්පාදනය ඉල්ලුමට ප්රමාණවත් නොවීම මෙම හිඟයට හේතුව බවයි.
මේ අතර ඇතැම් රෝහල් වල ගිලන්රථ වලට පවා ටයර් හිඟ බව පැවසේ. මේ අතර ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් සිදු කල අතර පසුව එල්ලවූ ජනතා විරෝධය මත එය නතර කර දමා තිබේ. ජනතාව මෙන්ම රියදුරන් පැවසුවේ ආදායම් අහිමිව ඔවුන් ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අවස්ථාවක පොලීසිය හරහා ඔවුන්ට දඩ පත්ර නිකුත් කිරීම අසාධාරණ බවය.
.