ප්‍රංශයේ පැරිස් අගනුවර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් යලිත් වතාවක් මාසයක කාලයක් සඳහා වසා දමා තිබේ. මේ අනුව පැරිස් නගරය හා තවත් ප්‍රදේශ 15 ක් මෙසේ වසාදමා ඇත්තේ පසුගිය පැය 24 ක කාලය තුල නව කොරෝනා රෝගීන් 38501 හමුවීමෙන් පසුවය. මියගිය සංඛ්‍යාව 241 කි.
කෙසේ වෙතත් මෙවරපෙර අවස්ථාවල මෙන් දැඩි නීතිරීති පනවා නොමැත.
මේ වන විට පැරිසියේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඇති අතර දැඩි සත්කාර ඒකක වල 1200 කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබති.
මෙවර අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති අතර තම නිවසේ සිට කිලෝමීටර් 10 ක් දුරකට පමණක් ජනතාවට ගමන් කිරීමට ඉඩදී තිබේ. පාසල් විවෘත කර තැබෙන අතර අත්‍යවශ්‍ය කාරණයකට හැර තම ප්‍රදේශයෙන් පිටතට යාම තහනම්ය. රාත්‍රී 7 සිටප්රන්ශය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.