ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ඉහළම ජයග්‍රණය වන 1996 ලෝක කුසලානය දිනාගෙන අදට වසර 25ක් වෙනවා. 1996 වසරේ මාර්තු 17 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබා තිබුණි. ඒ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ 6 වන එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය සඳහාය. ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව ලබා ගන්නා විට කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළේ අර්ජුන රණතුංගයි. ලකුණු 242ක ජයග්‍රහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේ පළමු වරට ලෝක කුසලානයක කිරුළ ශ්‍රී ලංකාවට උරුම කර දෙමින්.