මම නොව රට හදන දේශපාලනයක් රටේ බිහිවන දිනයක තම පුත් විමුක්ති කුමාරතුංග මෙරට දේශපාලනයට පිවිසෙනු ඇතැයිද තම දරුවන් විදේශගතව සිටියද රටේ සිදුවන කරුණු කාරණා සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බවද ඒ සමබන්ධයෙන් ඔවුන් තමන් සමග නිරන්තරයෙන් සංවාදයේ යෙදෙන බවද හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ යුටියුබ් නාලිකාවක දේශපාලන සංවාදයකට එක් වෙමිනි.