27 C
Colombo
24/11/2024

සීනි වෙළඳුන් ආණ්ඩුවේ ඉහල නිලධාරීන් හමුවෙලා – තොග හංගලා – මිලත් ඉහල දමලා

Share with your friends :

සීනි බදු පසුගිය දිනවල එක්වරම අඩු කිරීම නිසා තමන්ට පාඩු සිදුවූ බව පවසමින් සීනි බදු ඉඅහල දමන ලෙස මහාපරිමාණ සීනි වෙළඳුන් කීපදෙනෙකු ආණ්ඩුවේ ඉහල නිලධාරීන් දෙදෙනෙකු හමුවී ඉල්ලීමක් කර තිබේ. මෙහිදී එම නිලධාරීන් සීනි බද්ද යලිත් රුපියල් හතලිහ දක්වා වැඩි කර දෙන බවට පොරොන්දු වී තිබේ.ඒ සමග මෙම සීනි වෙළඳුන් බදු වැඩි වූ පසු වැඩි මිලට විකිණීමට තම සීනි තොග සඟවා ඇති අතර එම නිසා පිටකොටුව තොග වෙළඳ පොලේ රුපියල්සී 105 ක්නි වූ සීනි තොග මිල එක්වරම රුපියල් 130 දක්වා වැඩිවී තිබේ.
පසුගිය කාලයේ සීනි කිලෝවක් සඳහා රුපියල් 50 ක් වූ බදු මුදල දැනට දින කීපයකට පෙර ශත 25 දක්වා අඩු කරන ලදී. ඒ හේතුවෙන් තොග රස කර තිබු වෙළඳුන් පිරිසකට පාඩු සිදුවූ බව පවසමින් නැවත බදු වැඩි කරන ලෙස ඉල්ලා තිබේ. මේ තර බන්ධිත ගුදම් වල සීනි ටොන් අටදහසක් රැස් කර තිබු සීනි වෙළෙන්දෙකු බදු අඩුවූ පසු තම ගුදම් වලින් එම සීනි ශත 25 බැගින් බදු ගෙවා නිදහස් කරගෙන අතිවිශාල ලාභයක් උපයා ගෙන තිබේ.

Share with your friends :