ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය අද (17) 201 සීමාව ඉක්මවා පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද රුපියල් 201.75ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 197.58ක් ලෙසත් දැක්විණි.
මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය.
ඉන් අනතුරුව ඊයේ (16) නැවත වරක් 200 සීමාව ඉක්මවා පහළ ගියේ ය.
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.2 කින් අවප්‍රමාණය වී ඇත.
වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී ලංකා බැංකුව රු. 203.28 ක්, මහජන බැංකුව රු. 207.00 ක්, කොමර්ෂල් බැංකුව රු. 202.90 ක් හා සම්පත් බැංකුව රු. 203.00 ක් ලෙසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.
previous post