27 C
Colombo
25/11/2024

අසාත් සාලි අත්අඩංගුවට – ගිනි අවියකුත් හමුවෙයි

Share with your friends :

ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අසාත් සාලි මහතා පසුගියදා මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් පැමිණිලි ඉදිරිපත්කර තිබුණි.
අසාද් සාලි මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් හරහා දණ්ඩ නීති සංග්‍රහය, සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව මෙන්ම 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංගනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණි.
මේ අතර අසාද් සාලි මහතා සතුව තිබූ ගිනි අවියක් හමුවී තිබේ.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරද්දී අසාත් සාලි මහතා සඳහන් කර ඇත්තේ තමාට ඒ සඳහා බලපත්‍රයක් ඇති බවකි.
ඒ සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් ඒ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටී.

Share with your friends :