27 C
Colombo
24/11/2024

විශාල පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයට තවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගන්නට අනුමැතිය

Share with your friends :

ශ්‍රී ලංකා ගුවන් සමාගමට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කල් බදු පදනම මත ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය දැනට විශාල වශයෙන් පාඩු ලබමින් මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා ගනිමින් පවත්වා ගෙන යනු ලබයි.
භාණ්ඩ අපනයන කාර්යයන්ට සුදුසු ගුවන් යානා නොමැතිවීමෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය හැකියාව නිසි අයුරින් ප්‍රයෝජනයටගෙන නොමැති බව ශ්‍රී ලංකා ගුවන් සමාගම පෙන්වා දී ඇතැයි අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවකට මෙසේ අනුමතිව ලබා දී තිබේ.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මගී ගුවන් සේවා සීමාසහිතවීමත් සමග බොහෝ ගුවන් සමාගම් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කෙරෙහි අවධානය යොමුකර ඇති බවත් ඉන් පෙන්වා දී ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ වනවිටත් ගමනාන්ත 26ක් වෙත භාණ්ඩ ප්‍රවාහනය සිදුකරමින් සිටින බව එහි දැක්වේ.
කෙසේ වෙතත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ දැනට ගුවන් සමාගම සිදුකරන ගුවන් ගමන් සඳහා ගුවන් යානා 25 ක් සමාගම සතුව ඇති අතර දැනට ඇති ගුවන් ගමන් සඳහා එයින් අඩක් ප්‍රමාණවත් බවයි. එම නිසා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලබා ෆ්ගන්නේ නම් ඒ වෙනුවට දැනට ලීසිං පහසුකම් මත ලබා ගෙන ඇති යානා කීපයක් නැවත අදාළ සමාගම්වලට ලබා දීම මගින් පාඩුව අවම කර ගත හැකි බව සේවක වෘත්තීය සමිති පෙන්වා දෙයි.
පසුගිය දිනවල ශ්‍රීලංකන් ජේෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කලේ මීට පෙර සිටි පරිපාලනයන් විසින් ඉතාම අධික ලීසිං වාරික යටතේ ගුවන් යානා ලීසිං ක්‍රමයට ලබා ගැනීම දැනට ගුවන් සේවය ලබන පාඩු වලට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවයි.

Share with your friends :