කොවිඩ් වැළඳුනු බවට ප්‍රකාශ වුනු ටැනිසනියානු ජනාධිපති ජෝන් මගෆුලි මියගොස් තිබේ.
මිය යන විට ඔහු 61 වන වියෙහි පසු විය.
එරට උප ජනාධිපතිනි සාමියා සුලුහු හසන් ප්‍රකාශ කලේ ජනාධිපතිවරයා හදවත් රෝගී තත්වයක් හේතුවෙන් මිය ගිය බවය.
පසුගිය සති දෙකකට අධික කාලයක් තිස්සේ ඔහු ජනතාව ඉදිරියේ පෙනී නොසිටියේය.
ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් එරට සති දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ටැනිසානියාවේ ව්‍යවස්ථාව අනුව මියගිය ජනාධිපතිවරයාගේ නිලකාලය අවසන්වන තුරු උප ජනාධිපති එරට නව ජනාධිපතිවරයා ලෙස පත්වනු ඇත. ඒ අනුව මියගිය ජනාධිපතිවරයා පසුගිය වසරේ එම ධුරයට පත්වූ දිනයේ සිට වසර පහක් දක්වා එරට ජනාධිපති ධුරය සාමියා සුහුලු හසන් හට හිමි වනු ඇත.
previous post