පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරති.
මෙම කොමිසමෙන් යම් යම් තොරතුරු හෙළි කරගෙන ඇතත් ප්‍රහාරය පිටුපස සිටින අය, එයට මුදල් දුන් අය, කොමිසම විසින් හෙළි කරගෙන ඇති බව පෙනෙන්නට නැතැයි පැවැසූ අගරදගුරුතුමෝ ජනාධිපති කොමිසමේ ලියවිල්ල සර්ව සම්පූර්ණ එකක් නොවේ යයි පැවැසූහ.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් කැබලිවලට කැඩිගිය අයගේ සිරුරු තමා සියැසින් දුටු බවත් මෙයට සම්බන්ධ අය හෝ දේශපාලනඥයෝ ඒවා දැක්කා ද යන්න තමා නොදන්නා බවත් කාදිනල් තුමන් වැඩිදුරටත් පැවැසූහ.
මෙරට සාමය ආරක්ෂා වීමට නම් යටිකූට්ටු දේශපාලන ව්‍යාපාර වලින් මිදිය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.
පිට කොන්ද තියෙන, අවංක, නීතියට ගරු කරන, නීතිය ආරක්ෂා කරලා වැරදි කෙරුවොත් දඬුවම් දෙන්න ශක්තිය තියෙන නායකත්වයක් අවශ්‍ය යයිද එහිමියෝ පැවසූවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.