විදේශ සේවා කාර්යංශයේ ලියාපදිංචි වී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ට නොමිලයේ නිරෝධායන පහසුකම් ලබාදීමට පියවර ගනිමින් සිටින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
විදේශ සේවා කාර්යංශයේ පාලනය යටතේ ඒ සදහා සෑම දිස්ත්‍රික්කයකම විදේශ ශ්‍රමිකයන් සදහා ‘නිරෝධායන’ මධ්‍යස්ථානය බැගින් ස්ථාපිත කිරීම ආරම්භ කර තිබේ.
ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් 20,000 ක් පමණ ඉදිරියේදී පැමිණීමට නියමිතව තිබෙන අතර සෑම දිස්ත්‍රික්කයක් ආවරණය පරිදි හෝටල් හෝ වෙනත් පහසුකම් ඇති ස්ථාන හදුනාගනිමින් සිටින බව අමාත්‍යවරයා පවසයි.
රජයේ මෙම තීරණය ප්‍රමාද වීම නිසා විදේශ ශ්‍රමිකයන් ලක්ෂ ගනනක් දැඩි අසීරුතාවන්ට මුහුණ දුන් අතර විශාල පිරිසකට ලක්ෂ ගණන් ගෙවා හෝටල් වල නතරවීමට සිදු විය.