සහල් මිල අඩු කිරීම සඳහා රජය විසින් ගත් සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති අතර සහල් මිල ශීග්‍රයෙන් ඉහල යමින් පවතී. මේ වන විට කීරි සම්බා කිලෝව රුපියල් 180 දක්වාද , සාමාන්‍ය සම්බා කිලෝව රුපියල් 140 දක්වා ද කැකුළු සහල් හා නාඩු කිලෝව රුපියල් 100-105-110 ආදී වශයෙන්ද මිල ඉහල ගොස් තිබේ.
සහල් මිල අඩු නොවන්නේ නම් පිටරටින් ගෙන්වා මිල අඩු කරන බව රජය පැවසුවද මහා පරිමාන මෝල් හිමියන් පවසන්නේ මේ අවස්ථාවේ රජය මුහුණ දී තිබෙන විදේශ විනිමය ප්‍රශ්නය නිසා සහල් ආනයනය කෙසේවත් සිදු නොවන බවය.
මේ අතර සහල් සඳහා ඇති ඉල්ලුම නිසා වී මිලද ගොවීන් විසින් ඉහල නංවා තිබේ.
ව්දෙස් රටවලින් සහල් ගෙන්වීමට අඩුම තරමින් සති දෙකකට වැඩි කාලයක් ගත වන අතර එවැනි ක්‍රියා මාර්ගයක් ගත්තද සහල් මිල අඩු කරන්නට සති තුනක් පමණ ගත වනු ඇත.
මේ වන විට බාස්මතී හැර අනෙකුත් සහල් වර්ග ආනයනය රජය විසින් තහනම් කර තිබේ.
බාස්මතී මෙරටට ගෙන්වීමේදී රජය කිලෝවකට රුපියල් 100 ක බද්දක් අය කරයි. මේ නිසා හොඳ වර්ගයේ බාස්මතී කිලෝවක් පිටකොටුව තොග වෙළඳ පොලේ අලෙවි කෙරෙන්නේ කිලෝව රුපියල් 335 ත් 340 ත් අතර මිලකටය.