චෝදනා ගනනාවක් එල්ලවී ඇති ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතාට එම තනතුරින් ඉවත්වන ලෙස දැනුම්දී ඇතැයි විෂය භාර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවද සභාපතිවරයා තවමත් එම තනතුරින් ඉල්ලා අස්වී නොමැත.
සභාපතිවරයා පවසන්නේ එවැනි දැනුම්දීමක් කර නොමැති අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයනට ඉල්ලා අස්වීමේ ලිපි ලබා දෙන ලෙස පමණක් ඇමතිවරයා දැනුම් දුන් බවය.
එසේම තමාට ඇමතිවරයා එල්ල කරන චෝදනා අසත්‍ය බවද සභාපතිවරයා පවසා තිබේ.