මියන්මාරයේ පොලිසිය සහ හමුදාව සිදුකල වෙඩි තැබීම් වලින් අද තවත් නිරායුධ සාමාන්‍ය වැසියන් 38 දෙනෙකු ඝාතනය වී තිබේ.
යන්ගුන් නගරයේ පැවති උද්ඝෝෂණ වලට මෙම ප්‍රහාර එල්ලවී තිබේ. චීනය විසින් මියන්මාර හමුදා පාලකයන්ට සහය ලබා දෙන බවට ආරංචි පැතිර යාමත් සමග සාමාන්‍ය ජනතාව එම ප්‍රදේශයේ චීන ව්‍යාපාරික ස්ථානවලට පහරදී ඇති අතර එහිදී හමුදාව විසින් එම ප්‍රදේශයේ යුද නීතිය පනවා සාමාන්‍ය ජනතාවට වෙඩි තබා ඇත.
මෙහිදී චීන කර්මාන්තශාලා වලට හා චීන හෝටලයකට උද්ඝෝෂකයන් විසින් ගිනි තබා තිබේ.
මියන්මාරයේ චීන තානාපති කාර්යාලය පවසන්නේ මෙම පහරදීම් වලින් අදාළ කර්මාන්තශාලා වල චීන සේවකයන් තුවාල ලබා ඇති බවයි.
මේ වන විට මියන්මාර හමුදා සහ පොලිස් වෙඩි තැබීම් වලින් එරට සිවිල් වැසියන් 116 ක් පමණ ඝාතනයවී තිබේ.