මියන්මාරයේ මැන්ඩාලේ ප්රදේශයේ අද පැවති විරෝධතා වලට පොලීසිය වෙඩිතැබීම නිසා සිවිල් වැසියන් 12 දෙනෙකු මිය ගොස් තිබේ. වෙඩිතැබීම් වලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.මේ වන විට එරට පොලීසිය විසින් සිදු කල වෙඩි තැබීම් වලින් සිවිල් වැසියන් 82 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබේ.
මියන්මාරයට එරෙහිව මේ වන විට ලොව පුරා රටවල් රැසක් සම්බාධක පැනවීමට කටයුතු කරමින් සිටින අතර මියන්මාර හමුදා පාලකයන් වෙත සහය දෙන බව පැවසෙන්නේ චීනය පමණි. මේ හේතුවෙන් මියන්මාරයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට මියන්මාර වැසියෝ විරෝධතාද පැවැත්වුහ.