MCC ගිවිසුම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ශ්‍රී ලංකාව සතු දෙයක් බවත්, දෙරට අතර සබඳතාව ශ්‍රී ලංකාව කුමන තීරණයක් ගත්ත ද වෙනස් නොවන බවත් මෙරට සංචාරය කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසා තිබේ.
මෙරට පුද්ගලික නාලිකාවක් සමග විදේශ අමාත්‍යංශ පරිශ්‍රයේදී පවත්වන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා,
“අප විසින් පිරිනමා ඇති බොහෝ දේ අතුරින් ඒකත් එකක්. එය නොගැලපේ යැයි ශ්‍රී ලංකාව තීරණය කළහොත් එවිට ශ්‍රී ලංකාව තීරණය කරාවි එය පිළිනොගෙන සිටීමට. අපගේ සබඳතාවේ ශක්තිය, ගැඹුර සහ සංකීර්ණත්වය එක් ගනුදෙනුවකට හෝ එක් අවස්ථාවකට වඩා එහා ගිය එකක්.ආණ්ඩුව එය තෝරා ගත් විට නව අවස්ථා නිර්මාණය වේවි,අප සමග විතරක් නොව කලාපයේ සෙසු ප්රජාතන්ත්රවාදී රාජ්‍ය සමගත් හොඳ සම්බන්ධතා ඇති වේවි , ඒ තුලින් ශ්‍රී ලාංකිකයන් ගේ ජීවිත හොඳ තැනකට ගෙන යාවි,
ඇමරිකානු සමාගම් ශ්‍රීලංකාවට පැමිණීමට කැමතියි , එය ඇමරිකානු සමාගම් වලට වගේම ශ්‍රී ලාංකිකයන්ටත් හොඳයි, ශ්‍රී ලාංකිකයනට රැකියා අවස්ථා ඇති වේවි, ඇමරිකානු සමාගම් මෙරටට පැමිණෙන්නට නීතියේ ආධිපත්‍ය හා විනිවිදභාවය පවත්වා ගත යුතුයි ,
අමෙරිකාව නිරතුරුවම ඉදිරිපත් කරන්නේ සමාගම්, පෞද්ගලික ආයෝජන, හවුල්කාරීත්වය, සහ මිත්‍රත්වය. අපි රාජ්‍ය අනුග්‍රහය ලබන ව්‍යවසායකයන් හෝ සමාගම් සමග එන්නේ නෑ. අනෙක් රටවල් ශ්‍රීලංකාවට විශාල ණයබරක් ඇතිකර විශාල පීඩනයක් ඇති කර විශාල පීඩනයක් ඇතිකර තිබෙනවා , අපි එන්නේ නෑ ණය පැකේජ සමග එම ණය පැකේජ ගෙවන්නත් අමාරුයි. අපි එවැනි ණය භාවිත කරලා රජයන් ට යම් යම් දේ කිරීමට බලපෑම් කරන්නේ නෑ. ඒවා එකිනෙකට වෙනස් මොඩල දෙකක්. එකක් ප්රජාතන්ත්රවාදය සහ නිදහස අනෙක කුරිරු ඒකාධිපති මොඩලයක්. ඔවුන් පුද්ගලික අංශය සමග නෙවෙයි පැමිණෙන්නේ,ඔවුන් ශ්‍රී ලාංකිකයන් බඳවා ගන්නෙත් නැහැ
ශ්‍රීලංකාවට ප්රජාතන්ත්රවාදය හා නිදහස අවශ්‍යදැයි කියා ශ්‍රීලංකාව තෝරා ගත යුතුයි, මම සිතන්නේ ශ්‍රිලංකාවේ නායකත්වයට එය අවශ්‍යයි, ඔබ ඒවා තෝරාගත් විට නව සබඳතාකරුවන් මුණ ගැසේවි, ශ්‍රීලංකාවට අවශ්‍ය නිදහස් ප්රජාතන්ත්රවාදී මොඩලයද එසේත් නැතිනම් කුරිරු ආඥාදායක මොඩලය ද කියලා ශ්‍රී ලංකික ජනතාව තීරණය කල යුතුයි” යැයිද පැවසීය.
previous post
next post