පළාත් සභා මැතිවරණය හැකිතාක් ඉක්මනින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මේ සඳහා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දී තිබේ.මීට අවශ්‍ය පනත් සංශෝධන ඉක්මනින්ම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතව තිබේ.
මහජන නියෝජිතයින් නොමැතිව දැනටමත් පළාත් සභාව ක්‍රියාත්මක වන අතර එම තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කර කඩිනමින් මැතිවරණය පැවැත්විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමටද දැනුම්දී තිබේ.
මේ අතර රජය තුල සිටින පළාත් සභා මැතිවරණ පැවැත්වීමට විරෝධය පල කල පිරිස් මේ වන විට ඊට කිසිදු විරෝධයක් පල නොකරන තත්වයක් ඇතිවී තිබේ.
මේ අනුව බොහෝ දුරට ලබන ජුනි මාසය වන විට හෝ ජුලි මාසය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇත.