ඇමරිකා එක්සත් ජනපදයේ මිනෙසෝටා හි මිනේපොලිස් හිදී පොලිස් නිලධාරියකු විසින් අත්අඩංගුවට ගැනීමේදී ගෙල සිරකිරීමෙන් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ පවුලේ සාමාජිකයන් හට වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 27 ක් ( රුපියල් මිලියන 5400 ) ගෙවීමට මිනේපොලිස් නගර බලධාරීන් එකඟවී තිබේ.
මෙම මරණය ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම ලොව පුරා මහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් විය. එම සිද්ධිය නිසා ඇමරිකා එක්සත් ජනපදය පුරා ජාතිවාදී කලබල ඇතිවූ අතර
ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම නිසා එයින් හිටපු ජනාධිපති ට්රම්ප්ගේ පරාජයට පවා ඒ තුලින් යම් බලපෑමක් ඇති විය.
මීට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව මේ වන විට නඩු විභාග පැවැත්වේ.