27 C
Colombo
24/11/2024

සීනි බදු වංචාව කල ව්‍යාපාරිකයන්ට නීතිය ක්‍රියාත්මක කර පෙන්වන්න-උපාලි පියසෝම (ස.ජ.බ)

Share with your friends :

සීනි බදු වංචාව සම්බන්ධයෙන් රජයට එල්ලවී ඇති චෝදනා වලින් නිදහස්වීමට, හැකි නම් ඊට සම්බන්ධ ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පෙන්වන ලෙස තමන් රජයට අභියෝග කරන බව සමගි ජන බලවේගයේ වයඹ පළාත් සභාවේ මහ ඇමති ධුර අපේක්ෂක උපාලි පියසෝම මහතා පවසයි.
මේ හේතුවෙන් රජයට අහිමිවී ඇති මුදල මේ ව්‍යාපාරිකයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කල යුතු බවද රජය ජනතාවට ලබා දෙන බදු සහන ජනතාවට නිසි පරිදි ගලායාමට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවද උපාලි පියසෝම මහතා සඳහන් කරයි.

Share with your friends :