මී ළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට සම්පූර්ණ සුදුසුකම් ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශයක් කර නොමැති නිසා මී ළඟ අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම කතා කළ යුතු නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හෝ 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇතැයි කිසිවෙක් නොසිතූ බව කී ඇමතිවරයා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද දැන්ම අනාවැකි කීම අවශ්‍ය නැතැයි පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ශක්තිමත් දේශපාලන සන්ධානයක් ලෙස කටයුතු කරන බව කී ගාමිණී ලොකුගේ මහතා එහි වැඩි ගෞරවය බැසිල් රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව ද සඳහන් කළේය.
2024දී පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් සහ මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් වීමටත් නොහැකි නිසා ඊට සුදුසුම පුද්ගලයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ඉදිරිපත් නොවන්නේ නම් සියලු පක්ෂ එක් කරගෙන රටේ ජනතාවට සේවය කළ හැකි බුද්ධිමත් නායකයෙක් සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා පමණක් යැයිද බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට එනවාට අකමැති අය මඩ ගසන බවත් එනමුත් මඩගසන අයට පොහොට්ටුව වැට්වවීමට කිසිදු පුළුවන්කමක් නැති බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.