එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වූ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යළිත් පක්ෂයට එක් වීම සඳහා අවස්ථාව දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගයට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 44 දෙනෙක් යළි එජාපයට පැමිණි බවත් තවත් මන්ත්‍රීවරුන් 18 දෙනෙක් පක්ෂයෙන් ඉවත් කළ බවත් කෘත්‍යාධිකාරීමණ්ඩල රැස්වීමේ දී අනාවරණය වී තිබේ.
යළි පක්ෂයට එක් වීමට කැමති පළාත් පාලන මන්ත්‍රීවරුන් ගැන තීරණයක් ගැනීමට එජාප සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් වෙත පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගනු ලැබීය. එසේම එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන දෙවන පියවර යටතේ ප්‍රධාන තනතුරු දරන්නන්ට වගකීම් ලබා දීමේ බලය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත. ඊට අමතරව සංවිධායකවරුන් පත් කිරීමේ නිර්දේශ නායකත්වයට දීම සඳහා කමිටුවක් ද පත් කරනු ලැබීය.
පළාත් සභා මැතිවරණයේදී කාන්තාවන්ට එජාප අපේක්ෂක ලැයිස්තුවෙන් 25% ක් වෙන් කිරීමේ යෝජනාවට ද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.