පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා ගේ මරණයට සැබෑ හේතුව වහාම හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් දහස් ගණන් ආර්ජන්ටිනා ජනතාව එරට බුවනෝර්ස් අයර්ස් නගරයේ වීථි බැස උද්ඝෝෂණය කළහ.”මැරඩෝනා මියගියා නොවේ – මරා දැමුවා” යනුවෙන් මෙහිදී ජනතාව හඬ නැගූහ.
මෙහිදී ජනතාව ඉල්ලා සිටියේ මැරඩෝනා ගේ මරණයට හේතුව කිසියම් වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලක් දැයි හෙළිකරන ලෙසය.මේ වන විට මරඩෝනා ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ. එහිදී මරණයට හේතුව වෛද්‍යවරුන්ගේ අතපසුවීමක්දැයි සොයා බලෙන අතර යම් ලෙසකින් ඊට වෛද්‍යවරු වගකිව යුතු නම් වසර පහළොවක සිර දඬුවම් වෛද්‍ය කණ්ඩායමට හිමි වනු ඇත. 1986 දී ආර්ජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය හිමිවුයේ මැරඩෝනා ගේ නායකත්වයෙනි.
60 හැවිරිදි ඩියාගෝ මැරඩෝනා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මිය ගියේය.