සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවාර 49ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 232ක් ලබාගත්හ.
ශ්රී ලංකා ආරම්භක පිතිකරුවන් වන නායක දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක ශතක සබඳතාවක් ඇති කරගත් අතර සිය මංගල එක්දින තරගයට ක්රීඩා කළ අශේන් බණ්ඩාර පන්දු 60ක් තුළ හතරේ පහර 4ක් සමගින් ලකුණු 50ක් ලබාගත්තේය.
පිළිතුරු වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 236ක් ලබාගත්හ.