27 C
Colombo
24/11/2024

ටියුෂන් ගුරුවරු මහාපරිමාණ ගසාකෑමක- කොරෝනාවෙන් අසරණවූවන්ගේ දරුවන්ට පන්ති අහිමිවෙලා

Share with your friends :

ඔන්ලයින් ක්‍රමයට පවත්වන ටියුෂන් පන්ති සඳහා පෙර ගාස්තුවම අයකරමින් ටියුෂන් ගුරුවරු විසින් දසදහස් ගණන් සිසුසිසුවියන් දැඩි ලෙස ගසාකෑමට ලක් කර ඇතැයි දෙමාපියෝ මැසිවිලි නගති.මෙම පන්ති සඳහා මේ වන විට ශාලා ගාස්තු , පන්ති නිබන්ධන , ශාලා සඳහා විදුලිය හෝ වායුසමීකරණ ආදී කිසිදු වියදමක් වැය නොවන අතර මේ හේතුවෙන් ටියුෂන් ගුරුවරු විශාල වශයෙන් අමතර ලාභ ලබති. මේ අතර පන්ති ගාස්තු බැංකුවට ගෙවා අදාළ රිසිට්පත් අදාළ ටියුෂන් ගුරුවරුන් වෙත යැවිය යුතු අතර එසේ ගාස්තු ගෙවීමට අපහසු සිසුන්ට ඔන්ලයින් පන්ති සඳහා සහභාගිවීමට අවස්ථාව ලබා නොදේ.
මේ වන විට ළමුන් 1500 – 2000 ක් අතර සිටින මහා පරිමාන ටියුෂන් පන්ති සඳහා මාසිකව රුපියල් 2000 – 2500 -3000 වශයෙන් එක ළමයකුගෙන් මාසිකව අයකරන අතර මේ අනුව මෙවැනි පන්ති රට පුරා පවත්වන ගුරුවරුන් මාසිකව රුපියල් මිලියන ගණනින් උපයති.
කොරෝනා නිසා ආදායම් අහිමිව සිටින ජනතාවට උසස් පෙළ පන්ති සඳහා විෂයයන් තුනක් සඳහා දරුවකු ටියුෂන් පන්ති යැවීම මේවන විට විශාල ගැටළුවක් වී තිබේ. මේ අතර පුනරීක්ෂණ පාඨමාලා සඳහා මේ ගුරුවරුන්ම අමතර පන්ති පවත්වන අතර ඒ සඳහා එක විෂයයකට මාසික අයකිරීම රුපියල් 1500 කි.
මේ ගාස්තු වල පාලනයක් ඇති කිරීමට රජය අපොහොසත්වී ඇති අතර වහාම පාලනයක් නොකළහොත් රටේ අධ්‍යාපනය ඇති හැකි අයට පමණක් සීමා වනු ඇතැයි දෙමාපියෝ පෙන්වා දෙති .

Share with your friends :