මෙරට බැංකු 2020 වසර සඳහා රුපියල් මිලියන අනුදහසක ලාභ ලබා ඇතැයි මුල්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි. කොරෝනා නිසා රටම වසාදමා තිබියදී ජනතාව ඉතාම අසීරුවෙන් දිවි ගෙවද්දී බැංකු මෙසේ විශාල ලෙස ලාභ ලැබීම විශේෂ සිදුවීමකි.
රජය විසින් ස්ථිර තැන්පතු සඳහා පොලිය සියයට පහ දක්වා අඩු කිරීම මීට ප්‍රධාන වශයෙන් හේතුවී තිබේ.මීට අමතරව සාමාන්‍ය බැංකු පොලී අනුපාතද අඩුකරන ලදී. එහෙත් බැංකු වලින් මහාපරිමාණ ව්‍යාපාර සඳහා සහන වශයෙන් දුන් ණය හැර සාමාන්‍ය ණය සඳහා පොලී අඩු කලේ ඉතාම සුළු වශයෙනි.
පොලී අනුපාත අඩු කිරීම නිසා තැන්පතු වල පොලියෙන් බොහෝ පිරිස් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. එසේම රජයේ සේවකයන් සඳහා රාජ්‍ය බැංකු කීපයක් මගින් අධික පොලියට ලබා දුන් බැංකු ණය සඳහා පොලී අනුපාත පවා අඩු කර නැති අතර ඒ වෙනුවෙන් රජයේ සේවකයන්ගෙන් දිගටම විශාල පොලී අනුපාත අයකරමින් සිටී.
මේ අතර අඩු පොලියට ව්‍යාපාරිකයනට ණය ලබා දුන්නද මේ දක්වා කිසිදු භාණ්ඩයක මිල අඩු කරන්නට අදාළ සමාගම් ක්‍රියා කර නැත.
කොරෝනා නිසා සහන ලබා දෙන ලෙස රජය ලබා දුන් නියෝග බොහෝ බැංකු හා මුල්‍ය ආයතන පැහැර හැර ඇතැයි ජනතාව මැසිවිලි නගති.