බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා හට එල්ලවී තිබු දුෂණ චෝදනා වලින් ඔහු නිදහස් කරන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.
මේ සමග 2022 වසරේ එරට ජනාධිපතිවරණයට තරග කරන්නට ඔහුට අවස්ථාව සැලසේ.
මාස 18 ක සිර දඬුවමකින් පසුව ඔහු නිදහස් කරන ලද්දේ 2019 වසරේදීය. කෙස් වෙතත් අධිකරණය විසින් ඔහුට එල්ලවී තිබු චෝදනාද ඉවත් කර තිබේ.
2003 වසරේ සිට 2010 වසර දක්වා බ්‍රසීලයේ ජනාධිපති ධුරය දැරූ ඔහු අදටත් එරට ජනප්‍රියම පුද්ගලයෙකි.
ඔහුට විරුද්ධ චෝදනා බොහොමයක් ඔහුව දේශපාලනයෙන් ඉවත් කර තැබීමට ගොතන ලද ඒවා ලෙස පැවසේ.
කෙසේ වෙතත් වර්තමාන ජනාධිපති බෝල්සනාරෝ පවසා ඇත්තේ අදාළ තීන්දුව පක්ෂග්රාහී බවය.