27 C
Colombo
25/09/2024

ඇමති ජොන්ස්ටන් සමග ආරවුලකට වහලයට නැග්ග දොස්තර බිමට වැටී රෝහල් ගත කරයි

Share with your friends :

තමන්ගේ ගොඩනැගිල්ලක මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බලෙන් පදිංචි වී සිටින බව පවසමින් එහි වහලය මත නැගී විරෝධතාවයක නිරතවූ නිකවැරටිය කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පසුව එහි වහලයෙන් ඇදවැටීම නිසා රෝහල් ගත කර තිබේ.
විරෝධතාවය අතරතුර එනම් වහලයෙන් ඇද වැටීමට පෙර වෛද්‍යවරයා පැවසුවේ තමන් අත්අඩංගුවට ගන්නා ලෙස බොරු පැමිණිල්ලක් ද සිදුකර ඇති බවත් අත්අඩංගුවට ගැනීමට සූදානම් වුවහොත් වහලයෙන් බිමට පනින බවත්ය.
අදාල ගොඩනැගිල්ල නඩුවක් පවතින ගොඩනැගිල්ලක් බවත් එසේ නමුත් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ කාර්යාලයක් එහි පවත්වන බවත් ඔහු සඳහන් කළේය.
පසුව ටික වෙලාවකින් වෛද්‍යවරයා එම වහලයෙන් බිමට ඇද වැටුණු අතර ඔහුව රෝහල් ගත කරන ලද්දේ එම ස්ථානයේ තිබු පොලිස් ජීප් රථයෙන්මය. අනතුරින් පසු වෛද්‍යවරයා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද රෝහල් ගත කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කරන ලදී.

Share with your friends :