27 C
Colombo
25/09/2024

පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලූ ඇමරිකාවේ නිව්යෝර්ක් දේවමෙහෙයට ශ්‍රීලාංකිකයන් විශාල පිරිසක්

Share with your friends :

ශ්‍රීලංකාවේදී 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනවිත් වින්දිතයන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ශ්‍රීලාංකික කතෝලික ජනතාව පසුගියදා නිව්යෝර්ක් ස්ටැටන් අයිලන්ඩ්හි අඩල්බර්ට් දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වුහ. එරට කොවිඩ් සෞඛ්‍ය නීති රීති අනුව මෙය සංවිධානය කර තිබු අතර ඊට ශ්‍රීලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වුහ.
පාස්කු ප්‍රහාරයට වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පත් කල කොමිසමෙන් කිසිවක් අනාවරණය වී නැති බවත් වින්දිතයන්ට සාධාරණය ඉටුවිය යුතු බවත් පැවසු රැස්ව සිටි ජනතාව ඒ වෙනුවෙන් ලොවපුරා ශ්‍රීලාංකික ජනතාව ජාති ආගම් බේද වලින් තොරව ශ්‍රීලංකාවේ ජනතාව සමග අත්වැල් බැඳගන්නා බව පැවසුහ.


Share with your friends :