27 C
Colombo
24/09/2024

ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා කොවිඩ් එන්නත ලබා ගනී

Share with your friends :

ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලෙයි ලාමාතුමා උතුරු ඉන්දියාවේ ධර්ම්ශාලාහිදී කොවිඩ් එන්නත ලබා ගෙන තිබේ. 85 හැවිරිදි දලෙයි ලාමා එන්නත ලබා ගැනීමෙන් පසු පැවසුවේ ජනතාව එම එන්නත ලබා ගැනීම වැදගත් බවයි.
GD ගුප්තා රෝහලේදී දලෙයි ලාමා තුමන් වෙත ලබාදුන්නේ ඇස්ට්‍රා සෙන්කා එන්නතයි. දලෙයි ලාමාතුමන් සමග වාසය කරන තවත් දස දෙනෙකුටද එම එන්නත ලබා දෙන ලදී.
දලෙයි ලාමා 1959 සිට ධරම්ශාලාහි ජීවත්වෙයි.

Share with your friends :