27 C
Colombo
23/09/2024

එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියේ ජයත් සමග ඉන්දියාව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට

Share with your friends :

ඉන්දියාව හා එංගලන්තය අතර අහමදාබාද් හිදී පැවති සිව්වන ටෙස්ට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 25 කින් ජයගැනීමට ඉන්දියාව සමත් විය.
මෙම පස්දින ටෙස්ට් තරගය දින තුනකින් අවසන් වූ අතර ඒ අනුව තරගාවලිය 3-1 ක් ලෙසට ජයගන්නට ඉන්දියාව සමත් විය.
මෙහිදී එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 205 ක් ලබා ගත අතර පිළිතුරු ලෙස ඉන්දියාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 365 ක් ලබා ගත්තේය. පසුව දෙවන ඉනිම සඳහා එංගලන්තයට ලබා ගත හැකි වුයේ ලකුණු 135ක් පමණි. මෙහිදී රවිචන්ද්‍රන් අශ්වින් හා අක්සාර් පටෙල් කඩුලු 5 බැගින් බිඳ හෙළුහ.
පළමු ටෙස්ට් තරගෙන් එංගලන්තයට පරාජය වූ ඉන්දීය කණ්ඩායම ඉන්පසුව පැවති තරග තුනම ජයගනිමින් තරගාවලියද ජයගැනීම විශේෂත්වයකි.
මේ ජයග්‍රහණයන් සමග මෙවර ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලිය සඳහා නවසීලන්තය සමග ඉන්දියාව ලබන ජුනි මාසයේදී එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී තරග වදිනු ඇත.

Share with your friends :