27 C
Colombo
23/09/2024

සජිත් ප්‍රේමදාස බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමියේ නිරීක්ෂණ චාරිකාවක

Share with your friends :

සමගි ජන බලවේගය හරිත පක්ෂයක් ලෙස පරිව‍ර්තනය වීමත් සමග පරිසර හිතකාමී ප්‍රතිපත්තිය අන් කවරදාකටත් වඩා ක්‍රියාත්මක කරන බවත්,දිවිහිමියෙන් පරිසරය සුරැකීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
1980 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අධ්‍යාපනික හා සංරක්‍ෂණ කලාපයක් ලෙස බෙල්ලන්විල – අත්තිඩිය ප‍්‍රකාශයට පත් කරන ලද අතර ඉන් පසු තෙත්බිම් සුරැකීම පිළිබඳ අන්තර් ජාතික රැම්සා ප‍්‍රඥප්තියට අනුව 1989 දී ආසියාවේ වැදගත් තෙත් බිම් 947 කින් යුත් නාමාවලියට බෙල්ලන්විල – අත්තිඩිය වගුරු බිම ද එක් කැරිණි.
ලංකාවේ පක්‍ෂීන් පිළිබඳ වැදගත් නිරීක්‍ෂණ රැසකට බෙල්ලන්විල – අත්තිඩිය  අභයභූමිය තෝතැන්නක් ව ඇති අතර මෙරටට පැමිණෙන සුලබ වැහිලිහිණියා ගේ උප විශේෂයක් වන ටයිට්ලර් ගේ වැහිලිහිණියා(Tytler’s Swallow) ලංකාවෙන් ප‍්‍රථම වරට වාර්තා කරන ලද්දේ මෙම අභයභූමියෙනි.
90 දශකයේ මුල් කාලය වන විට මේ අභය භූමියෙන් හමු වී ඇති පක්‍ෂි විශේෂ ගණන 168 ක් පමණ වෙයි. ඒ අතර ගිරා මලිත්තා(Lorikeet), හීන් කොට්ටෝරුවා (Small Barbet) හිස දුඹුරු දෙමලිච්චා(Brown – capped Babbler) යන ආවේණික පක්‍ෂි විශේෂ තුන ද ඇතුළත් වේ. එහෙත් අභයභූමියේ හා ඒ වටා සිදු වන හානිකර කි‍්‍රයා හේතුවෙන් පක්‍ෂි විශේෂ අතුරෙන් 48%ක් ම මේ වනවිටත් අහිමිව ගොස් තිබේ.

Share with your friends :