27 C
Colombo
23/09/2024

කැලිෆෝර්නියාවේ සැන්ඩියාගෝ සත්වෝද්‍යානයේ ගෝරිල්ලන්ටත් කොවිඩ් එන්නත්

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාවේ සැන්ඩියාගෝ සත්වෝද්‍යානයේ ගෝරිල්ලන්ටද පර්යේෂණ මට්ටමේ කොවිඩ් එන්නත් ලබා දී ඇත. මෙසේ ලබාදී ඇත්තේ සෝටිස් නමැති සත්ව ඖෂධ සමාගමක් විසින් නිපදවන ලද එන්නතකි.
මෙහිදී ඔරන්ඔටන් ,බබුන් හා ගෝරිල්ලන් වෙත මෙම ඖෂධය ලබා දෙන ලදී. මෙම සත්වෝද්‍යානයේ ගෝරිල්ලන්ට පසුගිය ජනවාරි මාසයේ කොවිඩ් අසාදනය වූ අතර එය මෙම සතුන්ට ලොව ප්‍රථම කොරෝනා ආසාදනය විය.
1994 දී ලොව ප්‍රථම හදවත් සැත්කමට ලක් කළ ඔරන්ඔටන් සත්වයා වූ කැරන් ද මෙසේ කොවිඩ් එන්නත් ලබා දුන් සත්වයන් අතර වෙයි.
පසුව ලොව අනෙකුත් සත්වෝද්‍යාන වල සතුන්ටද කොවිඩ් වැළඳුනු බව වාර්තා විය.
නිව්යෝර්ක් නගරයේ සත්වෝද්‍යානයක සිංහයන්ට හා කොටින්ටද , ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ සත්වෝද්‍යානයක සිංහයන්ටද කොවිඩ් ආසාදනයවී තිබිණි.

Share with your friends :