27 C
Colombo
24/11/2024

පොම්පියෝ ශ්‍රී ලංකාවට එන්නේ එම්.සී.සී. ගිවිසුම ගැන සාකච්ඡාවකට නොවේ- ගෝඨාභය කැබිනට් මණ්ඩලයට කියයි

Share with your friends :

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
දකුණු ආසියාවේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනය මත ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එහි සැඟවුණු න්‍යාය පත්‍ර කිසිවක් නැති බවත් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පවතින බහුවිධ සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව ද ජනාධිපතිවරයා මෙවර කැබිනට් රැස්වීමේදී සඳහන් කර ඇත.
පොම්පියෝ ස්ර්ලන්කවට පැමිණෙන්නේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බවට ජාතික සංවිධාන කීපයක් හා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දින කීපය පුරා කරුණු දක්වා තිබිණි.

Share with your friends :