හජ් වන්දනාව සදහා මෙවර කෝවිඩ් එන්නත ලබාගත් බැතිමතුන්ට පමණක් අවස්ථාව ලබා දීමට සවුදි අරාබිය තීරණය කර තිබේ.
කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සලකා මෙම තීරණය ගෙන ඇත්තේ එරට සෞඛ්‍ය ඇමතිවරයා විසිනි.
මේ අනුව මක්කම සංචාරයට පැමිණීමට අවසර ලබා දීම සඳහා කොවිඩ් වැක්සීනය ලබා ගත බවට තහවුරු කර ගත යුතුය.
කොරෝනා වයිරසයේ ලෝක ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පසුගිය වසරේදී හජ් වන්දනාව අවලංගු කිරීමට සවුදි අරාබිය තීරණය කළ අතර, පසුව එම පිරිස අරාබියේ බැතිමතුන් 1000ක් දක්වා සීමා කිරීමට කටයුතු කෙරිණි.