27 C
Colombo
01/11/2024

හෙද සේවයේ ගැටලු විසඳන්න මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් ආණ්ඩුවට පැය 48 ක්

Share with your friends :

හෙද සේවයේ යෙදී සිටින අයගේ නවාතැන් ප්‍රශ්නය, ආහාර හා ගමනාගමන ගැටළු වලට ඉදිරි පැය 48 ඇතුළත පැහැදිළි විසඳුමක් ලබා නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිඛිතව දැනුම් දී ඇත.
කොරෝනා වසංගත තත්ත්වය නිසා සාත්තු සේවිකාවන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර මෙම ප්‍රශ්න තුනට වහාම විසඳුම් අවශ්‍ය බව ඒ මගින් දන්වා තිබේ.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය හෙද සේවයේ බලවත්ම වෘත්තීය සමිතිය වේ.

Share with your friends :