දිගින් දිගටම ආණ්ඩුව තුල ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට හා ප්‍රාදේශීය මට්ටමේ නායකයන්ට සිදුවන වෙනස්කම් හමුවේ ස්වාධීනව වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කලයුතු බවට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුල ප්‍රබල මතයක් ඇතිවී තිබේ. විශේෂයෙන්ම පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පාස්කු කොමිසමෙන් චෝදනා කිරීම සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර ඇත්තේ මත ගැටුමකි.
කෙසේ වෙතත් ආණ්ඩුවේ ඇමති ධුර දරන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ඇමති ධුර අත්හැරීමට කිසිසේත් සුදානමක් නොමැත. ඔවුන් පවසන්නේ ගැටළු පැවතියද කෙසේ හෝ ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවය. එම නිසා පවතින තත්වය මත යම් ලෙසකින් ආණ්ඩුවෙන් ඉවත්ව යාමට හෝ පාර්ලිමේන්තුව තුල ස්වාධීන වීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය කටයුතු කළහොත් පක්ෂයෙන් කොටසක් ආණ්ඩුව තුල දිගටම කටයුතු කිරීම වැළක්විය නොහැක.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ආණ්ඩුව වර්තමානය වන විට ජනතාවගේ පිළිකුලට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පසුගිය දිනක පවසා තිබිනි.
ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වර්තමානය වන විට සමස්ත ජනතාවම ආණ්ඩු පෙරළියකට පවා පෙළගැහෙමින් සිටින බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හබරාදුව ආසන බලමණ්ඩල රැස්වීම රමේෂ් පතිරණ, මොහාන් පී. සිල්වා හා නිපුන රණවක යන මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුනද එම රැස්වීමට සහභාගි වන ලෙස සඳහා හබරාදුව ප්‍රදේශය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට ආරාධනා නොලැබීම පිළිබදව ඔහු සිය කණගාටුව පළ කළේය.
“පොහොට්ටුවට අපි අවශ්‍ය නැතෙයි කියලා මේ විදියට දිගින් දිගටම ප්‍රකාශ වෙනවා නම් ජනතාව ඉන්න තැන අපි ඉන්නවා. හැබැයි පොහොට්ටුව කියන්නේ බොහෝම පටු විදියට හිතන දේශපාලන පක්ෂයක් වුණෝතින් ඒකෙන් ජනතාව ඈත්වේවි. අවුරුදු 5කට බලය දුන්නැයි කියලා ජනතාවගේ සිතුම් පැතුම්වලට එරෙහිව අපි කටයුතු කළ යුතුද යන ප්රශ්නය අහන්න මම කැමතියි. මේ මොහොතේ ආණ්ඩුව ජනප්‍රිය ආණ්ඩුවක් නෙමෙයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ රජය හැටියට අද ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නෙමෙයි ඉන්නේ කියලා. ජනතාව බිම් මට්ටමෙන් අපිව පිළිකුල් කරන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. පොහොට්ටුව හැටියට තේරුම් ගන්න ඕනේ අද මං හිතන්නේ සියලු බලවේග පෙළගැහෙමින් ඉන්නේ පක්ෂ නෙමෙයි ආණ්ඩුවත් තල්ලු කරන්න. “ චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති , පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ ,පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව පදනම් කරගෙන ආණ්ඩුවෙන් ඉවත් වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට වුවමනාවක් නොමැති නමුත් දේශපාලනික වශයෙන් පක්ෂයට ඇතිවී තිබෙන ගැටලූවලට ආණ්ඩුවෙන් විසඳුම් අපේක්ෂාවෙන් සිටින බවයි.
“ආණ්ඩුව බිහිකරන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂය විශාල කැපවීමක් කළා , එහෙත් මේ වනවිට ආණ්ඩුව තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්ට සහ සංවිධායකවරුන්ට වැඩ කිරීමේදී විවිධ ගැටලූවලට මුහුණ දීමට සිදුවී තිබෙනවා ,ඒ පිළිබඳව පක්ෂය විසින් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද සමග සාකච්කඡා කළ නමුත් මෙතෙක් විසඳුමක් ලැබී නැහැ ,නිදහස් පක්ෂය ලොකු කැපවීමක් කර හදාගත්තු ආණ්ඩුව බිඳවට්ටන්න පක්ෂයට කිසිම වුවමනාවක් නැහැ, මේ මොහොතේ එල්ලවන ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ආණ්ඩුව ආරක්ෂා කිරීමට කැපවෙනවා ” අමරවීර ඇමතිවරයා පැවසීය.
මේ අතර ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ ඇතැමුන් චෝදනා කරන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් විපක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවය.