27 C
Colombo
25/11/2024

අල්ලස්දීමේ චෝදනාවකට ප්‍රංශයේ හිටපු ජනපති සාර්කෝසිට සිරදඩුවම්-අතට ඉලෙක්ට්‍රොනික් බ්‍රේස්ලට්

Share with your friends :

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසිහට දුෂණ චෝදනා මත එරට අධිකරණයක් මගින් තුන් වසරක සිර දඬුවම් ලබා දී තිබේ.
ඒ අපරාධ චෝදනාවක තොරතුරු තමාට ලබාදීම වෙනුවෙන් මහේස්ත්‍රාත්වරයෙකුට ඉහල තනතුරක් , අල්ලස් ලෙස ලබාදීමට උත්සහ ගැනීමේ චෝදනාව මතය. 66 හැවිරිදි සාර්කෝසි සිරදඬුවම් නියමවූ ප්‍රංශයේ පළමු හිටපු ජනාධිපතිවරයාය.
අල්ලස් ලබා දීමට උත්සහ ගත් ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදාළ දුරකථන ඇමතුම එරට පොලීසිය විසින් පටිගත කර තිබුනා , මෙහිදී අදාළ මහේස්ත්‍රාත්වරයා සහ සාර්කෝසි ගේ නීතීඥවරයාටද සිර දඬුවම් හිමිවුණා , 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපති ධුරය දැරූ සාර්කෝසිහට මේ දඬුවම හිමිවුයේ 2014 වසරේදී සිදුවූ සිද්ධියක් මත.
සාර්කෝසි ගේ තුන් අවුරුදු සිර දඬුවමෙන් වසර දෙකක් අත්හිටවූ සිර දඬුවම් , ඉතිරි වසරක කාලය බන්ධනාගාර ගත කිරීමක් සිදු නොකර සිය නිවසේම රඳවා තැබෙනවා , එම කාලය තුල ඔහුගේ අතෙහි ඉලෙක්ට්‍රොනික් බ්‍රේස්ලට් එකක් සවි කරන අතර එමගින් ඔහුට නිවසෙන් පිටතට යාම පාලනය කෙරෙනවා ,
මීට පෙර හිටපු ජනාධිපතිවරයකු වන ජැක් චිරාක් හට දුෂණ චෝදනා මත අත්හිටවූ සිර දඬුවම් හිමිවුණා ,
කෙසේ වෙතත් ඔහු මේ සමබන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමටත් නියමිතයි, මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීම් අදහසින් සිටින ඔහු තවමත් ප්‍රංශ ජනතාව අතර ජනප්‍රිය චරිතයක් ,

Share with your friends :