27 C
Colombo
24/11/2024

හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ සුකී මුල්වරට වීඩියෝ මාර්ගයෙන් අධිකරණයට

Share with your friends :

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී හමුදා කුමන්ත්‍රණයෙන් පසුව ප්‍රථම වරට ජනතාවට දැක ගත හැකි වුනා , ඒත් ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කල විට , ඇය හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවූ බව මියන්මාර මාධ්‍ය වාර්තා කර තිබුනා , කෙසේ වෙතත් ඇය කිනම් ස්ථානයක රඳවා සිටින්නේදැයි තවම හෙළිවී නැහැ,
ඇයට විරුද්ධව අභූත චෝදනා කීපයක් මිලිටරි ජුන්ටාව විසින් නගා තිබෙනවා ,
ඇය නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ එරට පැවති උද්ඝෝෂණයට සිදුකල පොලිස් වෙතබීමෙන් 18 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා,
75 හැවිරිදි සුකීට එල්ලවී ඇති චෝදනා වලට ඇයට වසර තුනක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකියි . එසේම ඇයට ඉදිරි මහමැතිවරණයට තරග කිරීමේ අවස්ථාවත් අහිමි වෙනවා ,

Share with your friends :