පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අද දින අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගන්වා තිබෙනවා. ඒ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් කොළඹ අගරදගුරු නිල නිවසේදීයි. අදාළ වාර්තාව කාදිනල් හිමිපාණන් වෙත ලබා නොදීම සම්බන්ධයෙන් කතෝලික ජනතාවගේ විරෝධය පල වී තිබුනා.