මියන්මාරයේ අද පැවති මහජන උද්ඝෝෂණවලට එරට පොලීසිය සහ හමුදාව සිදුකල වෙඩි තැබීමෙන් 18 දෙනෙකු මිය ගොස් තිබේ.මෙහිදී තවත් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ. මෙය එරට හමුදා කුමන්ත්රණයෙන් පසු මහජනතාව වෙත එල්ලවූ දරුණුතම ප්‍රහාරයයි.යැන්ගුන්,ඩවෙයි සහ මණ්ඩාලේ යන නගරවල මෙම ප්‍රහාර එල්ල කර තිබේ.
හමුදා පාලකයන්ට වහාම බලයෙන් ඉවත්වන ලෙසට බලකරමින් මේ උද්ඝෝෂණ පැවැත්වේ. මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩි බවටද නිල නොවන ආරංචිමාර්ග පවසයි.
පොලීසිය ජීව උන්ඩ හා රබර් උන්ඩ යොදා ගෙන නිරායුධ ජනතාවට වෙඩි තබා ඇත. ලොව පුරා රටවලින් මේ වන විට මියන්මාර හමුදා පාලනයට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.ඇමරිකා එක්සත් ජනපදය මේ වන විටත් හමුදා පාලකයනට එරෙහිව සම්බාධක පනවා තිබේ.
මීට පෙර පැවති උද්ඝෝෂණ වලට පොලීසිය සිදුකල වෙඩි තැබීම් වලදී 20 හැවිරිදි තරුණියක ඇතුළු තිදෙනෙකු මියගොස් තිබේ.