හයිටි රාජ්‍යයේ බන්ධනාගාරයකින් සිරකරුවන් හාර සියයකට වැඩි පිරිසක් පැන ගොස් තිබේ. මෙම සිරකරුවන් පැනගොස් ඇත්තේ එරට අගනුවර වන පොටෝප්රින්ස් නගරය ආසන්නයේ ඇති බන්ධනාගාරයකිනි. පැනයාමේ ගැටුම් වලදී 25 දෙනෙකු මියගොස් ඇති අතර බන්ධනාගාර අධ්යක්ෂවරයා හා සිරකරුවන් හය දෙනෙකුද මියගිය අය අතර වෙති.
මෙසේ පැනගිය පිරිස් අතර එරට භයානකම අපරාධකරු වන අර්නෙල් ජෝසෆ් ද වූ අතර පසුව පොලීසිය විසින් අතරමගදී වෙඩිතබා ඔහුව ඝාතනය කර තිබිණි.
ගැටුම අතරතුර සාමාන්‍ය ජනතාවද ඝාතනයවී තිබේ.
next post